ලබන වසරේ සිට LPL අවසාන වටයේ තරඟ සඳහා play-off ක්‍රමය භාවිතා කරන්න – නාමල්

ලබන වසරේ සිට ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ අවසාන වටයේ තරඟ සඳහා play-off ක්‍රමය හඳුන්වා දීමට තරඟ සංවිධායකයන් සලකා බලනු ඇතැයි තමන් විශ්වාස කරන බව ක්‍රිඩා ඇමති නාමල් රාජපක්ෂ පවසයි.

ඊයේ (13) පැවති අවසන් පූර්ව වටයේ තරඟය අවසාන වීමෙන් පසු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇමතිවරයා මේ බව සඳහන් කරන ලදි.

IPL ඇතුළු ලොව ප්‍රමුඛ T20 තරඟාවාලි රැසක් අවසන් තරඟ සඳහා play-off ක්‍රමය භාවිතා කළත් LPL තරඟ සංවීධායකයන් අවසන් තරඟ සඳහාපිලිමලුන් පිටුදැකීමේ (Knockout) ක්‍රමය භාවිතා කර තිබේ.

පිලිමලුන් පිටුදැකීමේ ක්‍රමයේදී අවසන් පූර්ව වටයට තරඟ කරන කණ්ඩායම්වලින් පරාජයට පත් වන කණ්ඩායමට අවසන් තරඟය සහභාගී වීමේ අවස්ථාව අහිමි වන අතර play-off ක්‍රමයේදී තරඟාවලියේ පෙරමුණේ සිට අවසන් පුර්ව වටයේදී පරාජයට පත්වන කණ්ඩායමට අවසන් තරඟයට සහභාගී විමට තවත් එක් අවස්ථාවක් හිමිවේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here