LPL තරඟාවලියේ අවසන් මහා තරඟයට යාපනය සුදුසුකම් ලබයි

ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ඊයේ Jaffna Stallions සහ Dambulla Viiking අතර පැවති දෙවන අවසන් පූර්ව තරඟයේ ලකුණු 37ක ජයක් වාර්තා කරමින් Jaffna Stallions අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Jaffna Stallions කණ්ඩායම කඩුළු 9ක් දැවී ලකුණු 165 ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Dambulla Viiking කණ්ඩායම​ට පන්දුවාර 19.1 කදී කඩුළු සියල්ල දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 128 ක් පමණි.

ඒ අනුව Jaffna Stallions කණ්ඩාම ලකුණු 37ක ජයක් වාර්තා කරමින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීය.

ඒ අනුව LPL අවසාන මහා තරඟය Galle Gladiators සහ Jaffna Stallions අතර අනිද්දා (16) සවස 7ට පැවැත්වෙනු ඇති.​

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here