වසර 46ක් පැරණි පේලේගේ පාපන්දු වාර්තාව මෙසී බිඳ දමයි

1974 වසරේදී ගෝල 643ක් ලබා ගනිමින් පේලේ විසින් තබා තිබූ වාර්තාව ගෝල 643ක් ලබා ගනිමින් බිඳ දැමීමට ලයනල් මෙසී සමත් වී තිබේ.

මෙම ක්‍රීඩකයින් දෙදෙනාම මෙම වාර්තාව තැබූයේ එකම කණ්ඩායමක් නියෝජනය කරමින් වීමද විශේෂත්වයකි. එනම් දෙදෙනාම නියෝජනය කලේ බාර්සිලෝනා කණ්ඩායමයි.

පේලේ 1956 සිට 1974 දක්වා කාලය තුළ තරඟ 757 කදී ගෝල 643 ක් රැස් කළේය.

මෙසී 2004 සිට 2020 දක්වා කාලයේ තරඟ 749 ක් තුළ ගෝල 644 ක් ලබා ගෙන තිබේ. ඔහු 2005 දී බාසිලෝනා වෙනුවෙන් සිය පළමු ගෝලය වාර්තා කළේය.

මෙසී විසින් තමාව සම කිරීම පිළිබඳව 80 හැවිරිදි පේලේ විසින් මෙසීට සුබ පතා පවසා තිබුණේ “ලියෝ මෙසී, මම ඔබව බොහෝ සේ අගය කරමි.” යි යනුවෙනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here