ලංකාවට පැමිණි එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කොරෝනා

ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වී සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලිට කොවිඩ් -19 වැළඳී ඇති බව වාර්තා වේ.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මත්තල ගුවන්තොටුපළින් ඊයේ මෙරටට පැමිණි අතර එහිදී සිදුකරන ලද PCR පරීක්ෂණයකින් ඔහු ආසාදිත බව එහිදී තහවුරු වී තිබේ. ඒ අනුව, මොයීන් අලි දින 10ක් නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

මේ අතර, මොයීන් ගේ ආශ්‍රිතයෙක් ලෙස සලකා වේග පන්දු යවන ක්‍රිස් වෝක්ස් ට ද ස්වයං නිරෝධායනය වන ලෙස දන්වා තිබේ.

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරඟය ජනවාරි 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අරම්භවීමට නියමිත අතර එම තරඟයට මොයීන් ට එක්වීම අපහසු ය.

එංගලන්ත කණ්ඩායම බදාදා සිට පුහුණුවීම් ඇරඹීමට තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here