කොරෝනා ආසාදිත මෘත දේහ ආදාහනය කරන්නැයි ඉල්ලා ජාතික භික්ෂු සංවිධාන විරෝධතාවක

කොරෝනා අසාදනයෙන් මියයන සියලු දේහයන් ආදාහනය කරන ලෙස ඉල්ලා ජාතික භික්ෂු සංවිධාන ඊයේ (28) ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණි.

එහිදී ඔවුන් ,වෙනත් සකච්ඡාවක් සඳහා ජනාධිපති කාර්යාලයට පැමිණ සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ඊට අදාල තොරතුරු ඇතුලත් සංදේශයක්ද භාරදීමට කටයුතු කලර තිබුණි.

එහිදී මාධ්‍යය වෙත අදහස් දක්වමින් පූජ්‍ය මැඩිල්ලේ පඥාලෝක හිමියන් රජයෙන් විමසා සිටියේ කිසියම් පුද්ගලයෙකු විසින් කොරෝනා වෛරසය ජලමූලාශ්‍රයන්ට එක කරමින් ත්‍රස්ත ක්‍රියාවක් සිදු කළහොත් එහි වගකීම භාර ගනු ලබන්නේ කවුරුන්ද යන බවයි.

ජාතික සංවිධාන සම්මේලනය, සිංහල රාවය, ජාතික සංවිධාන එකමුතුව, සිංහලේ අපි, සිංහලේ හා බෞද්ධ තොරතුරු කේන්ද්‍රය ඇතුළු සංවිධාන කිහිපයක් මෙම විරෝධතාවයට එක්වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here