2028 දී ලෝක ආර්ථික බලවතා චීනය – 2030 තුන්වන විශාලතම ආර්ථීකය ඉන්දියාවට – CEBR වාර්ථාවක් කියයි

2028 වසර වනවිට චීන මහජන සමූහාණ්ඩුව විසින් අමෙරිකා එක්සත් ජනපදය අභිභවා ලොව ආර්ථික බලවතා වනු ඇතැයි ,එක්සත් රාජධානිය පදනම් කරගත් ආර්ථික හා ව්‍යාපාර පර්යේෂණ මධ්‍යස්ථානය (CEBR) සඳහන් කරයි.

ඔවුන් පවසන්නේ චීනයේ කොවිඩ් -19 කළමනාකරණය ,ඉදිරි වසරවලදී එක්සත් ජනපදය හා යුරෝපය හා සසඳන විට එහි සාපේක්ෂ වර්ධනය ඉහළ නංවන බවයි.

CEBR සෑම වසරකම දෙසැම්බර් 26 වන දින සිය ආර්ථික ලීග වගුව නිකුත් කරන අතර ඔවුන් වැඩි දුරටත් සඳහන් කරන්නේ 2030 වන විට ඉන්දියාව තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇති බවයි.

“2021 දී ශක්තිමත් පශ්චාත් වසංගත ප්‍රකෘතියකින්” පසුව, එක්සත් ජනපද ආර්ථිකය 2022-24 සිට වාර්ෂිකව 1.9% කින් පමණ වර්ධනය වන අතර ඉන් පසු වසරවලදී 1.6% දක්වා මන්දගාමී වනු ඇතැයි එම වාර්තාව පවසයි.

ඊට වෙනස්ව, චීන ආර්ථිකය 2025 වන තෙක් වාර්ෂිකව 5.7% කින් ද 2026-2030 සිට 4.5% කින් ද වර්ධනය වේ.

ලෝක ආර්ථිකයේ චීනයේ කොටස 2000 දී 3.6% සිට 17.8% දක්වා ඉහළ ගොස් ඇති අතර 2023 වන විට රට “ඉහළ ආදායම් ලබන ආර්ථිකයක්” බවට පත්වනු ඇතැයි ද වාර්තාව සඳහන් කර තිබේ.

චීන ආර්ථිකය කොවිඩ් -19 කලින් පාලනය කිරීමෙන් පමණක් නොව උසස් නිෂ්පාදන වැනි කර්මාන්ත ඉලක්ක කර ගනිමින් ආක්‍රමණශීලී ප්‍රතිපත්ති සම්පාදනයෙන් ද ප්‍රයෝජන ලබන බව CEBR හි උප සභාපති ඩග්ලස් මැක්විලියම්ස් පැවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here