Galle Gladiators කණ්ඩායම LPL අවසන් වටයට

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ, Colombo Kings සහ Galle Gladiators අතර පැවති පළමු අවසන් පූර්ව තරගය කඩුලු 2කින් ජය ගෙන අවසන් තරඟයට සුදුසුකම් ලැබීමට Galle Gladiators කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Colombo Kings කණ්ඩායම කඩුළු 9ක් දැවී ලකුණු 150ක් රැස් කළ අතර එම ඉලක්කය හඹා ගිය Galle Gladiators කණ්ඩායම පන්දුවාර 19.5 කදී කඩුළු 8ක් දැවී එම ඉලක්කය පසු කර යාමට සමත් විය.

Colombo Kings කණ්ඩායම වෙනුවෙන් ඩැනියෙන් බෙල් ඩ්‍රාමන්ඩ් ලකුණු 70ක් රැස් කළේය.

Galle Gladiatorsකණ්ඩායමේ ලක්ෂාන් සඳකැන් ලකුණු 32කට කඩුලු 3ක් දවා ගත්තේය.

ඒ අනුව Galle Gladiators කණ්ඩාම තියුණු තරඟයක් අවසානයේ කඩුළු 2ක ජයක් වාර්තා කරමින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here