ලාබාලතම කොරෝනා ආසාදිත මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ ලාබාලතම කොරෝනා ආසාදිත මරණය අද(08) වාර්තා වී තිබේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලට ඊයේ රාත්‍රියේ ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ තොටළඟ පදිංචි දින 20ක් වයසැති බිළිදෙකු මෙලෙස මිය ගොස් ඇති බව
රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කර තිබේ.

මෙලෙස මිය ගිය බිළිඳා රෝහලට ඇතු​ළත් කරන විටත් අසාධ්‍ය මට්ටමේ සිටි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂක ජි.විජේසුරිය මහතා සඳහන් කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂක ජි.විජේසුරිය මහතා , සියලු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ දරුවන්ට අසනීප තත්වයක් තිබේ නම් දරුවන් වේලාසනින් රෝහලට රැගෙන ඒන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here