VIDEO: ඉයෝන් ලංකා තැන්පත්කරුවන්ට බලාපොරොත්තු සහගත පිළිතුරක්

ඉයෝන් ලංකා ආයතනයේ තම මුදල් තැන්පත් කළ විශ්‍රාමික ආරක්ෂක අංශ සාමාජිකයයන් ඇතුළු මේ වනවිට අසාධාරණයට ලක් වූ ඉයෝන් ලංකා සාමාජිකයින්ට යම් බලාපොරොත්තු සහගත පිළිතුරක් ලබා දීමට එම මූල්‍ය ආයතනය පවත්වාගෙන ගිය ධම්මික අතපත්තු නැමැත්තා කටයුතු කර තිබේ.

ඒ අනුව ඔහු මෙම මුදල් ආපසු ගෙවීමේ සැලැස්මක් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අසාධාරණයට ලක් වූ ඉයෝන් ලංකා සාමාජිකයින්ද එකඟතාවය පල කර ඇත.

එහෙත් මෙම ආයතනය සම්බන්ධයෙන් නීතිමය කටයුතු සඳහා ලිපිගොනුව නීතිපතිවරයා වෙත යොමු කර ඇති බැවින් නීතිපතිවරයා සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කළ යුතු බව මහ බැංකුව පවසා තිබේ. අසාධාරණයට ලක් වූ ඉයෝන් ලංකා සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටින සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසන්නේ මෙම මුදල් නිදහස් කිරීම සඳහා ධම්මික අතපත්තු මහතා ඉදිරිපත් කළ වැඩපිළිවෙලට සියලු දෙනාම එකඟ බැවින් මෙම තැන්පත්කරුවන්ට මුදල් නිදහස් කර මහ බැංකුවේ නීතිමය කටයුතු සිදු කරන ලෙසය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට සෘජුවම තීරණයක් ගැනීමට හැකි බවත් ඔවුන් ඊට මැදිහත් නොවීම ගැටළු සහගත බවත් නාමල් කරුණාරත්න මහතා පෙන්වා දෙයි.

ඉයෝන් ලංකා හිමිකරු ධම්මික අතපත්තු පවසන්නේ තමන් මෙම මුදල් ලබාදීමට සූදානම් බවය.

මොවුන් මෙම අදහස් පල කළේ අද (08) පස්වරුවේ මහ බැංකුවේ නිලධාරීන්, අසාධාරණයට ලක් වූ ඉයෝන් ලංකා සාමාජිකයින් සහ ඉයෝන් ලංකා හිමිකරු අතර මහ බැංකුවේදී පැවති සාකච්ඡාවේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here