රජය පොරොන්දු වූ සහන කාලය නොලද පාරිභෝගිකයන්ට පැමිණිලි කිරීමට අවස්ථාවක්

කෝවිඩ් 19 වසංගත කාලයේදී රජය විසින් ලබාදීමට පොරොන්දු වූ මාස 06ක සහන කාලය නොලැබුණු මූල්‍ය පහසුකම් ලබා ගත් පාරිභෝගිකයන්ට ඊට අදාල පැමිණිලි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here