ආර්ථික වර්ධන වේගය: ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තා වූ විශාලතම පහත වැටීම මෙම වසරේ දෙවන කාර්තුවේදී

ආර්ථික වර්ධන වේගය, ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම පහත වැටීම මෙම වසරේ දෙවන කාර්තුවේදී සිදු වූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් හෙලිවෙයි..

එම මාධ්‍ය නිවේදනයට අනුව 2019 වසරේ දෙවන කාර්තුවේ වාර්තා කළ 1.1%ක ධන වර්ධනය හා සසඳනවිට 2020 දෙවන කාර්තුවේදී 16.3% කින් පහත වැටී ඇත.

එමෙන්ම රටේ ප්‍රධාන ආර්ථික අංශ තුන වන කෘෂිකර්මාන්තය 5.9%කින්ද කාර්මික ක්ෂේත්‍රය 23.1%කින්ද සේවා ක්ෂේත්‍රය 12.9%කින්ද මේ වසරේ දෙවන කාර්තුවේදී කඩාවැටී ඇතැයි එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එම නිවේදනය පහතින්,

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here