කාන්තාවන් 100,000 ඡායාරූප නිරුවත් කර අන්තර්ජාලයට මුදා හැරලා

සමාජ මාධ්‍යයන් හි පළ කර ඇති ඡායාරූප නිරුවත් ලෙස සකස් කර නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරීමේ ප්‍රවණතාවයක් දක්නට ඇතැයි නවතම වාර්තාවකින් හෙළි වී තිබේ.

අදාල වාර්තාවට අනුව කාන්තාවන් 100,000 කට අධික සංඛ්‍යාවකගේ ඡායාරූප මෙලෙස සකස් කර සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබේ.

Artificial Intrlligence යටතට ගැනෙන පරිගණක තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන අදාල ඡායාරූප වල ඇඳුම් ඉවත් කර Tekegram වැනි මෙවලම් හරහා ඒවා මුදා හැර ඇතැයි අදාල වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

එම වාර්ථාව සකස් කල Sensity නැමති බුද්ධි තොරතුරු අයතනය පවසන්නේ මෙම ජාවාරම සඳහා බාලවයස්කාර පෙනුමක් සහිත කාන්තාවන්තේ ඡායාරූප වැඩි වශයෙන් ඉලක්ක වී ඇති බවයි.

සමාජ මාධ්‍යයන් හි සියල්ලන්ටම දැකිය හැකි පරිදි ( public)ඡායාරූප පළ කරන ඕනෑම අයෙකු මෙම ජාවාරමේ ඉලක්කයක් විය හැකි බව Sensity ආයතනයේ ප්‍රධාන විධායක Giorgio Patrini අනතුරු අඟවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here