මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව – 800 – පූර්ව ප්‍රචාරක පටය නිකුත් කරයි

ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇතුළත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඉන්දියාව කටයුතු කර තිබේ.

එම චිත්‍රපටය නම් කර ඇත්තේ ‘800’ලෙසයි.

මෙහිදී මුරලිදරන්ගේ චරිතයට පණ පොවන්නේ දකුණු ඉන්දියානු දමිළ සිනමාවේ ප්‍රකට නළු විජේ සෙතුපති විසිනි.

2011 වසරේදී මුරලිදරන් විසින් සිය ජීවිත කතාව පොතක් ලෙස මුද්‍රණය කර තිබූ අතර එයට නම් තබා තිබුනේ ද‘800’ලෙසයි. ඒ ඔහු සපුරා ගන්නා ලද ටෙස්ට් කඩුළු ගණන සංකේතවත් කරමින්.

කෙසේ නමුත් 800 චිත්‍රපටයට දායක වන විජේ සෙතුපති ඇතුළු දකුණු ඉන්දීය නළු නිළි පිරිසට ඉන් ඉවත් වන ලෙසට කණ්ඩායම් කිහිපයක් ඉල්ලීම් කර ඇති බවද වාර්තා වෙයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here