කොවිඩ් 19 ව්‍යාප්තියට හේතුව දේශපාලන නායකත්වයේ නොසැලකිල්ලයි – සමඟි ජන බලවේගය

කොවිඩ් වෛරසය පරාජය කිරීමට වඩා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ආණ්ඩුවේ උත්සාහය වූ බවත් මැතිවරණයෙන් පසු දේශපාලන නායකත්වයේ තිබූ නොසැලකිල්ල මත කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වූ බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ අද (14) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින්.

මෙම වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රටේ ආර්ථිකය සහ ජන ජීවිතය කඩා වැටෙන බව පැවසූ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ නිරෝධායන ඇඳරිනීතිය පවතින ප්‍රදේශ වල ජනතාවට රජයෙක් තවමත් කිසිදු සහනයක් ලැබී නොමැති බවයි.

එම නිසා එදිනෙදා ආදායම ඉපැයූ ජනතාව අසරණව ඇති බවත් සුපිරි වෙළඳ සැල් විවෘත කර තිබුණද ජනතාවට මුදල් නොමැතිව අසරණව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here