ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්. ඩී. ආරියසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්. ඩී. ආරියසිංහ මහතා අද (09) අභාවප්‍රාප්ත විය. ඔහු ගල්කිස්ස කලාපුර පදිංචිව සිටියේය.

සුභාවික ගීත කලාවක් වෙනුවෙන් නිහඬ සේවයක් ඉටුකළ ඔහු ගී තනු රචකයකු සහ ගායකයකු වශයෙන් ජනප්‍රිය මෙන්ම සම්භාව්‍ය ගීත ගණනාවක් නිර්මාණය කිරීමට දායක වී ඇත. විශේෂයෙන්ම අප්‍රකට ළමා ගීත ගණනාවක් සඳහා තනු රචකයකු වශයෙන් ඔහු නිහඬ සේවයක් සිදු කර තිබේ.

මිය යන විට 64 වැනි වියේ පසු වූ ඩබ්ලිව්. ඩී. ආරියසිංහ මහතා මීට මාස ගණනාවකට පෙර රෝගාතුරව සිටි බවට වාර්තා පළ විය. ඔහු ගැයූ ගීත අතර මාළඟටම ඔබ ළං වෙලා, කොඳ කුසුම් ආදිය ජනප්‍රිය විය. ගායන ශිල්පියෙකුට අමතරව තබ්ලා වාදන ශිල්පියෙකු ලෙස ඔහු දක්ෂතා දැක්වීය.

ඩබ්ලිව්. ඩී. ආරියසිංහ මහතාගේ බිරිඳ, සිංහල ගීත වංශයේ මුල් යුගයේ ස්වතන්ත්‍ර සංගීතඥයකුව සිටී ආර්. ඒ. චන්ද්‍රසේන මහතාගේ දියණියක්ය. ඇය විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක හා සංගීත අධ්‍යක්ෂකවරියක වන දර්ශනී චන්ද්‍රසේන මහත්මියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here