ගම්පෙරළියේ නන්දාට එංගලන්තයේදී කොවිඩ් එන්නත ලැබෙයි

ශ්‍රී ලාංකික ප්‍රවීණ රංගන ශිල්පිණියක වන පුන්‍යා හීන්දෙනිය මහත්මියට කොවිඩ් 19 සඳහා වන එන්නතෙහි පළමු කොටස ලබා ගැනීමට හැකිවී තිබේ.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඇය සඳහන් කරන්නේ , ඉක්මනින් මෙම වසංගතය ලොවෙන් තුරන් වන ලෙස තමන් ප්‍රාර්ථනා කරව බවය.

මෙරට සිනමා ප්‍රේක්ෂක හදවත් දිනා ගනිමින් , කුරුලුබැද්ද,සිකුරු තරුව,ගම්පෙරළිය,පරසතුමල් හා රන්සිළු ආදී චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය සැපයූ පුන්‍යා හීන්දෙනිය මහත්මිය මේ වන විට එංගලන්තයේ ලන්ඩන් නුවර ජීවත් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here