ජාතික හා බෞද්ධ ධජ අවශ්‍යතාව දේශීයව සපුරාලන්නැයි ජනපතිගෙන් උපදෙස්

ජාතික හා බෞද්ධ ධජ ආනයනය නතර කර අවශ්‍යතාව දේශීයව සපුරාලන්නැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

මහා සහ සුළු පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාදනය වහාම ආරම්භ කළ යුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කලේය.

ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විමසුමට ලක් විය.

අද (28) පෙරවරුවේ දංකොටුව, කර්මාන්තපුරයේ Dankotuwa Textile Mill (pvt) ltd, කඳාන, කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial (pvt) ltd සහ වත්තල Creative Textile Mill (pvt) ltd ආයතන නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here