කෝටි 1000ක වංචාවක් ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි CIDට පැමිණිල්ලක්

සීනි බදු මුදල් අඩු කිරීම මගින් රුපියල් කෝටි 1000ක පමණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ අද (04) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය.

ජවිපෙ මධ්‍යම කාරක සභිකයින් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ සහ නීතිඥ සුනිල් වටගල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කලේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කලේ බැඳුම්කර මංකොල්ලකරුවන් අල්ලන බව ප්‍රකාශ කර බලයට පත්වූ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ වනවිට වංචනිකයන්ගේ පුටු මාරු කරමින් ආරක්ෂා කරන බවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here