ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ගින්නෙන් කිසිදු කාර්යාලයකට හානියක් සිදු වී නෑ – අධිකරණ අමාත්‍යංශයේ ලේකම්

 

අද (15) පස්වරුවේ කොළඹ අලුත්කඩේ පිහිටා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ හදිසියේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බවත් වාර්තාවේ.

ඒ සඳහා ගිනි නිවීමේ රථ 09ක් යෙදවූ බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා සඳහන් කලේ එම ගින්නෙන් ලිපිගොනු වලට හෝ කිසිදු කාර්යාලයකට හානියක් සිදු වී නොමැති බවයි.

ගින්න හටගෙන ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ පිහිටි අබලි භාණ්ඩ ගබඩාවේ බවත් ඒ මහතා සඳහන් කරයි.

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 3ක් යෙදවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here