අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රීධූරය ගැන අවසන් තීන්දුව හෙට

අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබද තීරණයක් ගැනීමේ අවසන් සාකච්ඡාවක් හෙට(08) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම සාකච්ඡාව සඳහා එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහභාගිවීමට නියමිතය.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයට ද පසුගිය මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වූ අතර එම මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ කවුරුන් ද යන්න පිළිබදව මේ වන තෙක් අවසන් නිගමනකට පැමිණ නැත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here