හිටපු අමාත්‍ය ටී බී ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යවරයෙකු වන ටී. බී. ඒකනායක මහතා කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (06) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා මියයන විට 67වන වියේ පසුවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වු ඔහු, 1994 වසරේ කුරුණැගල දිස්ත්‍රිකක්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබුණි.

පසුගිය පාර්ලිමේන්තුව දක්වාම මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් වූ ටී. බී ඒකනායක මහතා අවස්ථා කිහිපයකදී නියෝජ්‍ය හා කැබිනට් අමාත්‍යධුරවල ද කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here