මනෝවෛද්‍ය ප්‍රතිකාර සඳහා මෙරට භාවිත වන කිසිදු පෙත්තක් ප්‍රචණ්ඩත්වය ඇති කරන්නේ නෑ – මනෝ වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය

ශ්‍රී ලංකාව තුල මනෝවෛද්‍ය ප්‍රතිකාර සඳහා භාවිතා කරන කිසිදු ඖෂධයක් මඟින් සන්සුන් හෝ නිද්‍රාශීලී බවක් මිස කිසිවිටෙක ප්‍රචණ්ඩ හෝ ආවේගශීලී හැසිරීමක් ඇති නොකරන බව ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔවුන් මෙම පැහැදිළි කිරීම සිදුකර තිබෙන්නේ රැඳවියන් පිරිසකගේ ප්‍රචණ්ඩ හා ආවේගශීලී හැසිරීමකට මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදාගන්නා ඖෂධ අයථා ලෙස භාවිතා කිරීමක් සම්බන්ධ කරමින් ගෙනගිය මාධ්‍ය ප්‍රචාරණයන් සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිළි කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here