වැස්සෙන් මන්නාරමට හා කිලිනොච්චියට පීඩා

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හමුවේ උතුරු පළාතට අඛණ්ව වැසි ඇඳ වැටෙමින් පවතින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් පවසයි.

ආපද කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් පැවසූවේ ඊයේ (01) රාත්‍රියේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයට හටගත් සුළං තත්ත්වයක් මත කිලිනොච්චිය කෝනාවිල් ප්‍රදේශයේ නිවාස කිහිපයක වහළවල සෙවිලි තහඩු හා උළු ගැලවි ගොස් ඇති අතර, ප්‍රදේශයේ ගස් රැසක්ද කඩා වැටී ඇති බවය.

සුළි කුණාටු තත්ත්වය මත හටගත් වර්ෂාව හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිත නිවාස රැසක් ජලයෙන් යටි වී ඇති අතර, ජලය බැසයාම නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් අදාළ තත්ත්වය හටගෙන ඇති බවද මන්නාරම ප්‍රදේශවාසීන් පැවසූහ.

මන්නාරම වෙඩිතලතිව් ප්‍රදේශයේ නිවාස කිහිපයක්ද ජලයෙන් යටවි ඇති බවද මන්නාරම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් පැවසීය.

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හමුවේ යාපනය හා මුලතිව් මුහුදු ප්‍රදේශ දැඩි රළු ස්භාවයක් ගෙන ඇති අතර, ඒ හේතුවෙන් ධීවර ජනතාවට ධීවර කටයුතුවලින් ඉවත්ව කටයුතු කරන ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන හා ආරක්ෂක අංශ දැනුවත් කොට තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here