ගලහ සහ අටලුගමින් කොවිඩ් මරණ 2ක්

තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 118ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගලහ ප්‍රදේශයේ පදිංචි සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ අටුලුගම ප්‍රදේශයේ පදිංචි සිටි 81 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇත.

  1. ගලහ ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකි. පේරාදෙණිය ශික්ෂණ රෝහලට 2020 නොවැම්බර් 27 වන දින ඇතුළත් කරන විට මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දක්වෙන්නේ අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ කොවිඩ් 19 ආසාදනය සමඟ ඇති වූ හෘදයාබාධ තත්ත්වයකි.

  2. අටලුගම ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි කාන්තාවකි. 2020 නොවැම්බර් මස 28 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 සමඟ උග්‍ර වූ අධික රැධිර පීඩනය, දියවැඩියාව සහ රැධිරගත කොලස්ට්රෝල් ප්‍රමාණය ඉහළ යාමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here