LPL දෙවන තරඟයේ ජය Jaffna Stallions කණ්ඩායමට

ඊයේ (27) පැවති LPL තරඟාවලියේ දෙවන තරඟයේදී Jaffna Stallions කණ්ඩායම කඩුළු 8කින් ජය ගැනීමට සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Galle Gladiators කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුළු 8 කට ලකුණු 175 ක් රැස් කරගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Jaffna Stallions කණ්ඩායම පන්දු වාර 19.3 ක් තුළදී කඩුළු 2 ක් පමණක් දැවී ලකුණු 176 ක් ලබා ගැනීමට සමත් විය.

Jaffna Stallions කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 63 කදී නොදැවී ලකුණු 93ක් ලබාගනිමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here