LPL පළමු තරඟයේ ජය Colombo Kings කණ්ඩායමට

ඊයේ (26) ආරම්භ වූ LPL තරඟාවලියේ පළමු තරඟයේ ජය Colombo Kings කණ්ඩායම හිමි කර ගෙන තිබේ.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Kandy Tuskers කණ්ඩායම පන්දු වාර 20 තුළදී කඩුළු 3කට ලකුණු 219ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Colombo Kings කණ්ඩායමද පන්දු වාර 20 තුළදී කඩුළු 7කට එම ලකුණු ප්‍රමාණයම රැස් කරගත්තේය.

තරඟයේ ලකුණු සම වීම හේතුවෙන් සුපිරි පන්දු වාරය ක්‍රියාත්මක කළ අතර එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Colombo Kings කණ්ඩායම ලකුණු 16 ක් රැස් කර ගත්තේය.

එයට පිළිතුරු ලෙස පහර දුන් Kandy Tuskers කණ්ඩායමට සුපිරි පන්දු වාරයේදී රැස් කරගත හැකි වූයේ ලකුණු 12ක් පමණි.

ඒ අනුව LPL තරඟාවලියේ ප්‍රථම තරඟය ලකුණු 4කින් Colombo Kings කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබීය.

එහිදී Kandy Tuskers කණ්ඩායම වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා ලකුණු 87ක් හා Colombo Kings කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 80ක් ලබාගැනීමට සමත්විය.

තරඟයේ වීරයා Colombo Kings කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here