කුරුණෑගල තවත් ගමක් අගුළු දමයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව පොලිස් බලප්‍රදේශයේ ගජනැග්ගම ග්‍රාමසේවා වසමේ කුඩාගම ගම සම්පූර්ණවෙන්ම අගුලු දමා තිබේ.

ඒ එම ගමේ ජීවත්වූ පුද්ගලයෙකුගේ දේහයක් නොවැම්බර් 14 දින හදිසි මරණයක් ලෙස හමුවීම ඇති අතර පසුදින කුරුණෑගල රෝහලේ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු කොවිඩ් – 19 ආසාදිතයෙකු බව හඳුනාගෙන ඇත.

ඔහු කිසිදු ආසාදිතයෙකු හෝ නිරෝධායනය කළ පුද්ගලයෙකු ඇසුරු කළ බවක් දැනට සොයාගෙන නොමැති බව මහව සෞඛ්‍ය නිළදාරී කාර්යාලය පවසයි.

ඔහුගේ මරණය සැලවීමෙන් ගම්වැසියන් එම නිවසට ආගිය බැවින් එසේ ම නිවසට ආගිය සියලු දෙනාට නිරෝධායනය වන ලෙසත් ඔවුන්ට පොලිසියේ හෝ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ හෝ ලියාපදිංචි වන ලෙස සෞඛ්‍ය අංශ දන්වා තිබේ.

මේ අතර කුරුණෑගල නගර සභා බල ප්‍රදේශයේ මහ වීදිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානදෙකකින් තවත් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු අකුරණ බුළුගෝවතැන්න ප්‍රදේශයේත් අනික් පුද්ගලයා මාතගම පරගහදෙණිය සිංහපුර ප්‍රදේශයේත් පදිංචි කරුවෝ වෙති.

සතියකට වැඩි කාලයක් හුදකලා කර තිබූ මහ වීදිය ප්‍රදේශයේ විවෘත කරනු ලැබුවේ පසුගිය අඟහරුවාදාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here