විපක්ෂනායක ලේකම්ධුරය නීතිඥ රවි ජයවර්ධනට

නීතිඥ රවි ජයවර්ධන මහතා (18) විපක්ෂනායක ලේකම්ධුරයේ වැඩ භාරගත්තේය.

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාධිධාරියෙක් වන ඒ මහතා එංගලන්තයේ ලැංකෂයර් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් වෙයි. හෙතෙම කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.

අවස්‍ථා කිහිපයකදී විවිධ ආයතනවල සභාපති ධූර දරා ඇති ඒ මහතා ජාතික රූපවාහිනී ආයතනයේ සභාපති ලෙස කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කළේය.

රවි ජයවර්ධන මහතා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති වශයෙන් ද කටයුතු කළ අතර බන්ධනාගාර කොමසාරිස් තනතුරේහිද සේවය කර ඇත.

සිවිල් සංවිධාන රැසක ප්‍රමුඛ භූමිකාවක් නිරූපණය කර ඇති ඒ මහතා ප්‍රජාතන්ත්‍රවාදය ,සිවිල් අයිතිවාසිකම් සහ සමාජ සාධාරණත්වය වැනි ක්ශේත්‍ර පිළිබඳව සිය සක්‍රීය මැදිහත්වීම සිදුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here