WHO මූලස්ථානයටත් කොරෝනා අවධානම

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානයෙන් පසුගිය සතිය තුළ කොවිඩ් 19 ආසාදිතයන් 05 දෙනෙක් වාර්තා වී තිබේ. ඒ්

අනුව ගෝලීය කොරෝනා වසංගතය ආරම්භයේ සිට මේ දක්වා ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 65 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ලෝක ස‍ෞඛ්‍ය සංවිධානයේ හදිසි සේවා විශේෂඥ මයික් රයන් මහතා පවසන්නේ සිය මූලස්ථානය පිහිටා තිබෙන ප්‍රදේශයේ මේ වනවිට ඉතා සීග්‍ර ලෙස වෛරසය ව්‍යාප්ත වෙමින් තිබෙන බවයි.

මෙම තත්වය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ සේවය කරන නිළධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here