තවත් කොවිඩ් මරණ 4ක් – කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් 15000 ඉක්මවයි

ඊයේ (19) තවත් කොවිඩ් රෝගීන් සිව් දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මියගිය අය පිළිබඳ විස්තර,
1.කොළඹ 10 පදිංචි අවුරුදු 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්
2.කොළඹ 15 පදිංචි අවුරුදු 27ක් වූ කාන්තාවක්
3.කළුතර දිස්ත්‍රීක්කයේ පොකුණුවිට පදිංචි 59 හැවිරිදි කාන්තාවක්
4.කළුතර දිස්ත්‍රීක්කයේ හල්තොට පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්

මේ අතර කොවිඩ් දෙවන රැල්ල මතු වූ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරු වලින් මේ වන විට හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 15330ක් දක්වා වැඩි වී තිබේ.

ඒ ඊයේ (19) හඳුනාගත් ආසාදිතයින් 437 දෙනාද සමඟින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here