කොවිඩ් සුව වී PCR පරීක්ෂණයකින් තොරව නිවසට එවූ අයෙකුට කොවිඩ්

Lab technician holding swab collection kit,Coronavirus COVID-19 specimen collecting equipment,DNA nasal and oral swabbing for PCR polymerase chain reaction laboratory testing procedure and shipping

ඊයේ (18)හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් පුද්ගලයන් 08 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

ඒ අතර එකම පවුලේ සිව්දෙනෙකු හා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයෙකු සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයා පසුගිය 13 වනදා මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකර සිටියදී පසුගිය මස 25 වනදා සිදුකළ PCR පරීක්ෂණයෙන් කෙවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගෙන තිබේ.

පසුව ඔහුට ප්‍රතිකාර සිදුකිරීමෙන් දින 14කට පසු PCR පරීක්ෂණයකින් තොරව නිවසට එවා තිබේ.

ඒ කොවිඩ් වැලැක්වීමේ තාක්ෂණික කමිටුව විසින් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවයන අයගේ PCR පරීක්ෂණ සිදු නොකිරීමට ගෙන තිබූ තීරණය මතයි.

තවත් දින 14ක් නිවසේ නිරෝධායනය වෙමින් සිටි ඔහුට, යළි වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here