රට වැසි සැමට සෙත් පතා දින 21ක් පිරිත් සජ්ජායනය කෙරේ

රට වැසි සැමට සෙත් පතා දින 21ක් පුරා අඛණ්ඩව පැවැත්වෙන සෙත් පිරිත් සජ්ජායනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් ඊයේ (18) පස්වරුවේ ආරම්භ කෙරිණ.
මෙම සෙත් පිරිත් සජ්ජායනය කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පැවැත්වෙයි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය ශ්‍රි කල්‍යාණ යෝගාශ්‍රමාධිපති පූජ්‍ය පහලවිටියල ජනානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පිරිත් දේශනාවට රට පුරා විසිර සිටින ආරණ්‍යවාසී මහා සංඝරත්නය 200 නමක් එක්ව සිටිති.

ජනතාව මුහුණ පා සිටින කොරෝනා වසංගතයෙන් මිදීම සඳහා ආශිර්වාද කිරීම පිරිත් සජ්ජායනය සංවිධාන කිරීමේ අරමුණ වන අතර ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් ඇතිව ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව පිංකම සංවිධාන කෙරිණ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here