අමෙරිකාවේ උප ජනාධිපති පදවිය දකුණු ආසියානු සම්භවයක් සහිත කමලා හැරිස්ට

අමෙරිකාවේ උප ජනාධිපති පදවියට පත් වන පළමු දකුණු ආසියානු සම්භවයක් සහිත සහ කළු ජාතික කාන්තාව ලෙස කමලා හැරිස් ඉතිහාසයට එක් වන්නීය.

ඉන්දීය – ජමෙයිකානු සම්බවයක් සහිත කමලා හැරිස් පළමුව ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරඟ කළ අතර පසුව ඇය උප ජනාධිපතිදූරය සඳහා නම් කෙරිණි.

55 හැවිරිදි කමලා හැරිස් හිටපු නීතිපතිවරියකි.

ඇය කැලිෆෝනියා ප්‍රාන්තයේ ඔක්ලන්ඩ් හීදී උපත ලබා තිබේ.අගේ මව ඉන්දියාවේ උපත ලබා ඇති අතර පියා ජමෙයිකාවේ උපත ලැබූවෙකි.

දෙමාපියන්ගේ දික්කසාදවීමෙන් පසුව කමලා හැරිස් හින්දු භක්තික සිය මව වන ශ්‍යාමලා ගෝපාලන් හැරිස් සමඟ හැදී වැඩී ඇති අතර ඇගේ මව පිළිකා පිළිබඳ පර්යේෂිකාවක් සහ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි සමාජ ක්‍රියාකාරිනියක් වෙයි.

කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය හිමිකරගත් කමලා හැරිස් අලමෙයිඩා දිස්ත්‍රීක් නීතිපති කාර්යාලයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කාළාය.

2003 දී ෆැන්සිස්කෝ හි දිස්ත්‍රීක් නීතිපතිධූරයට පත් විය.කැලිෆෝනියා ප්‍රාන්තයේ නීතිපතිධූරයට පත් වූ පළමු කාන්තාව සහ කළු ජාතිකයා වන්නේද ඇයයි.

නීතිපතිධුරයේ කටයුතු කළ කාලය අතරතුර ඩිමොක්‍රටික් පක්ෂයේ කැපී පෙනෙන දේශපානඥවරියක ලෙස නමක් දිනාගත් ඇයි 2017 දී කැලිෆෝනියා වේ කනිෂ්ඨ සෙනෙට් සභිකයෙකු ලෙස දිව්රුම් දුන්නාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here