නිරෝධායන ඇඳිරිනීතිය හෙටින් අවසන් – ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

බස්නාහිර පළාත ඇතුළු නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර තිබෙන සියළු ප්‍රදේශ වල ඇඳරිනීතිය හෙට උදෑසන 5.00 සිට ඉවත් කර තිබේ.

නමුත් පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර තිබෙන අතර යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ එම හුදෙකලා කර ඇති ප්‍රදේශ වලට කිසිදු පුද්ගලයෙකුට ඇතුළු වීමට හෝ පිටවීමට හැකියාවක් නොමැති බවයි.

එම ප්‍රදේශ පහත පරිදි වෙයි.

කොළඹ දිස්ත්‍රික්කය

මට්ටක්කුලිය
මෝදර
බ්ලුමැන්ඩල්
කොටහේන
ග්‍රෑන්ඩ්පාස්
වෙරළබඩ පොලිස් බලප්‍රදේශය
ආදුරුප්පුවීදිය
මාළිගාවත්ත
දෙමටගොඩ
වැල්ලම්පිටිය
බොරැල්ල
කෙසෙල්වත්ත

කොළඹ හුදකලා කෙරෙන මහල් නිවාස සංකීර්ණ

මට්ටක්කුලියේ මෙත්සඳ සෙවන
මිහිජය සෙවන
මෝදර රන්මුතු සෙවන
ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන
දෙමටගොඩ සිරිසර උයන
මාලිගාවත්ත ප්‍රදේශයේ හඳුනාගෙන ඇති මහල් නිවාස සංකීරණයක්

ගම්පහ දිස්ත්‍රික්කය
වත්තල
පෑලියගොඩ
කඩවත
රාගම
මීගමුව
පමුණුගම
ජාඇළ
සපුගස්කන්ද

කළුතර දිස්ත්‍රික්කය
හොරණ
ඉංගිරිය
වෑකඩ බටහිර ග්‍රාමසේවා කොට්ඨාසය

කුරුණෑගල දිස්ත්‍රික්කය
කුරුණෑගල මහනගර සභා බලප්‍රදේශය
කුලියාපිටිය

කෑගල්ල දිස්ත්‍රික්කය
මාවනැල්ල
රුවන්වැල්ල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here