කොවිඩ් මරණ 05ක් – කොරෝනා ආසාදිතයින් ගණන 12187ක් වෙයි

කොවිඩ්අද (05) කොවිඩ් මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට තහවුරු කළේය.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 29ක් වෙයි.

කෙසේ වෙතත් කොවිඩ් මරණ ලෙස අද දිනයේ වාර්තා වූ පුද්ගලයින් 05 දෙනාගේ තොරතුරු පහත පරිදිය.

  1. කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පිඹුර මූලික රෝහලේ දී ඊයේ (04) දින මිය ගොස් ඇත. එම පුද්ගලයා කොවිඩ් -19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර දීර්ඝකාලීන වකුගඩු රෝගයෙන් ද පෙළී ඇත.
  2. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි. පපුවේ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඊයේ (04) දින මියගොස් ඇත.
  3. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේදී මිය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් -19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන ඇත. මරණයට හේතුව ලෙස වාර්තා වන්නේ කොවිඩ් -19 ආසාදනය නිසා සිදු වූ හෘදයාබාධයකි.
  4. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේදී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත. මරණයට හේතුව වශයෙන් හඳුනාගෙන ඇත්තේ කොවිඩ් -19 ආසාදනය හේතුවෙන් සිදු වූ පෙනහලු ආසාදනයකි.
  5. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 74ක පිරිමි පුද්ගලයෙකි. සිය නිවසේ දී මිය ගොස් ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස තහවුරු කර ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකි.

එමෙන්ම අද දවසේ තවත් කොවිඩ් -19 රෝගීන් 213ක් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවද සඳහන්වේ.

පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා මෙරටින් කොවිඩ් රෝගීන් 12,400ක් හමුවී ඇති අතර එයින් 5,748 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ රෝගීන් ගණන 6,623කි.

ඒ අනුව, මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හමු වී ඇති මුළු ආසාදිතයින් ගණන 8,922කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here