අද ආසාදිතයින් 213ක්

අද මේ වන විට තවත් කොවිඩ් -19 ආසාදිතයින් 213 දෙනෙක් හඳුනාගෙන තිබේ.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හමු වී ඇති මුළු ආසාදිතයින් ගණන 9,305කි.

මේ දක්වා මෙරටින් කොවිඩ් රෝගීන් 12,783ක් හමුව ඇති අතර ඉන් 5,568 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ රෝගීන් ගණන 7,183කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here