ඕස්ට්‍රේලියාවේ පසුගිය වසර 50 තුළ බිහි වූ හොඳම ක්‍රිකට් ක්‍රීඩිකාව – එලිස් පෙරී

පසුගිය වසර 50 තුළ බිහි වූ හොඳම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ඕස්ට්‍රේලියාවේ තුන් ඉරියව් ක්‍රීඩිකා එලිස් පෙරී තෝරා ගෙන තිබේ.

ඇය මේ වන විට 29 හැවිරිදි වියේ පසුවෙයි.

එලිස් පෙරී පළමු වරට තරග කළේ 2007 ජූලි මාසයේ නවසීලන්තයට එරෙහිව ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායම වෙනුවෙනි.ඒ වන විට 16 හැවිරිදි වියේ පසු වූ ඇය ඕස්ට්‍රේලියාව නියෝජනය කළ ළාබාලතම ක්‍රිකට් ක්‍රීඩිකාව ද වෙයි.2008 වසරේ අන්තර්ජාතික විස්සයි20 සහ ටෙස්ට් පිටියට පිවිසි ඇය එම ඉසව් තුනෙහිම තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන්නී ය.

එලිස් පෙරී ටෙස්ට් තරග 8ක්, එක්දින තරග 112ක් සහ විස්සයි20 තරග 120ක් ක්‍රීඩා කර තිබේ. ඇය එම තරගවලදී පන්දුවට පහර දෙමින් ටෙස්ට් තරග වලදී 78.00ක්, එක්දින තරග 52.10ක් සහ විස්සයි 20 තරග 29.07ක සාමාන්‍යයක් රඳවාගෙන තිබේ. ටෙස්ට් ශතක 2ක් සහ අර්ධ ශතක 2ක්, එක්දින ශතක 2ක් සහ අර්ධ ශතක 27ක් රැස් කර ඇති ඇය විස්සයි20 තරග බිමේදී අර්ධ ශතක 4ක් වාර්තා කර තිබේ. පන්දු යැවීමේදී ටෙස්ට් තරග 18.19ක්, එක්දින තරග 24.29ක් සහ විස්සයි 20 තරග 18.97ක සාමාන්‍යයක් ඇය සතුය. එම තරග ඉසව් වලදී ඈ පිළිවෙළින් කඩුලු 31ක්, 152ක් සහ 114ක් බිඳ දමා තිබේ.

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේදී පසුගිය වසර 50 තුළ වඩාත් කැපී පෙනෙන තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙස එලිස් පෙරී නම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here