මෙරට 21 වන කොරෝනා මරණය වාර්ථා වෙයි

මෙරට 21 වන කොරෝනා මරණය වැලිසර ළය රෝහලෙන් වාර්ථා වෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි කඩවත, මහර ප්‍රදේශයේ පුද්ගලයෙකු බව සඳහන් වෙයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කලේ අධි රුධිර පීඩනය සහ ස්වසන පද්ධතියේ ආසාදිත තත්වයක් හේතුවෙන් පසුගිය 23 වන දින රෝහල් ගත වී ඇති බවත් සිදු කළ පළමු PCR පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන නොමැති බවත්ය.

ඊයේ (31) මිය ගිය පසු පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදුකළ දෙවන PCR පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු බව හඳුනාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here