නව ආසාදිතයින් 193ක්

නව කොවිඩ් ආසාදිතයින් 193ක් අද (01) දිනය තුළ වාර්තා වු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එම ආසාදිතයින්ගෙන් 6 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් වන අතර සෙසු ආසාදිතයින් 187 දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වෙයි.

ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරු ආශ්‍රිත සමස්ථ ආසාදිතයින් ගණන 7,378ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර කොවිඩ් 19 ආසාදිත පොලිස් නිලධාරින් සංඛ්‍යාව 125 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අද (01) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here