මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 5000 ඉක්මවයි

කොවිඩ් 19 ආසාදනය වූ තවත් 293ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඔවුන්ගෙන් 291 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ අශ්‍රිතයින් බවත් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් බවත් ඔහු පැවසීය.

ඒ අනුව අද (27) වන විට මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් ගණන 5,232ක් වේ.

ඒ අනුව, මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 8,706කි.

අද දහවල් 110දෙනෙක් සුවය ලැබීමත් සමගම සුවය ලැබු ගණන 4,043ක් වේ.

මේවන විට රෝහල්ගතව සිටින ආසාදිතයන් ගණන 4,646ක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here