කුලියාපිටිය රෝහලේ හෙද නිලධාරිණියකට කොවිඩ්

කුලියාපිටිය, යාකරවත්ත නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ හෙද නිලධාරිණියකට කොවිඩ්-19 ආසාදන වී ඇතැයි කුලියාපිටිය රෝහල් ආරංචිමාර්ග පවසයි.

කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රථිකාර ලබමින් සිට IDH රෝහලට වෙත මාරු කිරීමෙන් පසු කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය කාන්තාවට සාත්තු කිරීම නිසා දැඩිසත්කාර ඒකකය, 11 වාට්ටුව, 15 වාට්ටුව ආදී වාට්ටුවල වෛද්‍යවරුන් 13ක් සහ හෙද හෙදියන් ඇතුළු 54 දෙනෙකු එම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිට ඇති බව කුලියාපිටිය ශික්‍ෂණ රෝහල් අධ්‍යක්‍ෂ ප‍්‍රභාත් වේරවත්ත මහතා පැවසීය.

කෙසේවෙතත් මුල් වතාවේ එම මධ්‍යස්ථානයේ සිටි සියලු පිරිසගේ වාර්තා කොවිඩ් ආසාධනය නොවූ බවට ලැබී තිබුණද යළිත් සිදුකළ පීසීආර් පරීක්‍ෂාවෙන් ආසාදිත බවට තොරතුරු ලැබී තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here