ජනපති පොරොන්දුව මත 20ට විමල්⁣ගේ සහය

20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙන් ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධ නීති ඉවත් කිරීමට විරුද්ධ නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සඳහන් කළේය.

අද (22) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ලබන වසරේ ගෙනඑනු ලබන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ මෙන්ම විධායක මට්ටමේ වෙනත් තනතුරු දරන්නට ඇති අයිතිය අහිමිවන ආකාරයේ වගන්තියක් නිසැක වශයෙන්ම ඇතුළත් කරන බවට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව මත මෙම තීරණයට එළැඹි බව අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙහිදී පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here