කොවිඩ් 19 ආසාදිතයින් හඳුනා ගැනීමට සුනඛයින්ගේ සහය

ගුවන්තොටුපළවලට පැමිණෙන කොවිඩ් 19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සුනඛයින්ගේ සහය ලබා ගැනීමට රුසියාව සූදානම් වෙයි.

මේ වන විට සුනඛයන් 15 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට විශේෂයෙන් පුහුණුකර තිබේ.

සුනඛයින්ට රෝග ආසාදන හඳුනාගැනීමේ විශේෂ හැකියාවක් පැවතීම හේතුවෙන් එය වඩාත් ඵලදායි ක්‍රියාමාර්ගයක් බව විශේෂඥයින් පෙන්වා දෙයි.

කොවිඩ් 19 වෛරසයට එරෙහි සටනේදී සුනඛයන් භාවිතා කිරීමට උත්සාහ කරන එකම රට රුසියාව නොවන අතර සැප්තැම්බර් මාසයේදී ෆින්ලන්තය ප්‍රථම වරට හෙල්සින්කි ගුවන්තොටුපලේදී විශේෂ පුහුණුවක් ලැබූ සුනඛයන් භාවිතා කරමින් මගීන්ට ස්වේච්ඡා කොරෝනා වයිරස් පරීක්ෂණ ලබා දෙන ලෙස නිවේදනය කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ එහිදී සාමාන්‍ය PCR පරීක්ෂණයකට වඩා ඉක්මණින් රෝග ලක්ෂණ නැති හෝ තවමත් රෝග ලක්ෂණ නොපෙන්වන නමුත් වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින් හඳුනා ගැනීමට සුනඛයින්ට හැකි වූ බවයි.

එසේම ගෘහස්ථ බළලුන් වෛරසයට ගොදුරු විය හැකි නමුත් බල්ලන් වෛරසයට ප්‍රතිශක්තීකරණයක් ඇති බව ද අධ්‍යයනවලින් හෙළි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here