කොවිඩ් නිසා වැළඳෙන තවත් රෝගයක්

කොරෝනා වෛරසය වැළඳීමෙන් පසු එය සුවවීම සඳහා ගතවන පශ්චාත් කාලසීමාව තුළදී වැළඳෙන නව රෝගයක් පර්යේෂණ කණ්ඩායමක් සොයාගෙන තිබේ.

එම රෝගය නම් කර ඇත්තේ “පෝස්ට් කොවිඩ් 19 ස්නායු රෝග සහලක්ෂණය” ලෙසය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මිනුවන්ගොඩ කොවිඞ් පොකුර වර්ධනය වීම හේතුවෙන් තවදුරටත් සෞඛ්‍ය ධාරිතාව ඉහළ නැංවිය හැකි බවයි.

රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට නොහැකි වුවහොත් එලෙස මෙරට සෞඛ්‍ය ධාරිතාව ඉහළ යා හැකි බවය.

මේ අතර කොරෝනා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කරනු ලබන ප්‍රධාන රෝහල් 12ක් තුළ පවතින ඇඳන් ප්‍රමාණයෙන් ඉතිරිව ඇත්තේ තවත් ඇඳන් 253ක් බව වාර්තා වේ.

එම රෝහල් 12 අතරින් වැඩිම ඇඳන් සංඛ්‍යාවක් ඇති රෝහල නෙවිල් ප්‍රනාන්දු රෝහල වන අතර එහි ඇඳන් 400ක් කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන්කර කර තිබෙන බව කොරෝනා මර්ධනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය සඳහන් කළේය.

කෙසේ වෙතත් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී වසංත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ ඇඳන් සංඛ්‍යාව 3000 සීමාව දක්වා වර්ධනය කිරීමට හැකියාවක් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here