රිෂාඩ් බදියුදීන් සොයා පොලිස් කණ්ඩායම් 06ක් මෙහෙයුමක

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 06 ක් යොදවා තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

එහි නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මේ පිළිබඳ ඉදිරි පරීක්‍ෂණ පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඒ අනුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ සහ මන්නාරම පිහිටි ඔහුට අයත් නිවාස 02 ක් වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් 02 ක් ඊයේ රාති‍්‍රයේම පිටත්ව ගිය බව ද පොලීසිය සඳහන් කළේය.

අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා, පොලීසියට උපෙදස් ලබා දුන්නේ ඊයේ දිනයේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here