මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1591ක් දක්වා ඉහළට

ඊයේ (13) හඳුනාගත් නව ආසාදිතයින් 194 දෙනාත් සමග මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1591 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින් අතර බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 80 දෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අනෙකුත් ආසාදිතයින් 114 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බව වාර්තා වේ.

මේ අතර, මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 5000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (14) දිනය තුළ නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 194 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 5038 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් ආසාදිතයින් 3328 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර ආසාදිතයින් 1697 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here