සෑම ඇඟලුම් කම්හල්වල කාර්යමණ්ඩලය සති දෙකකට වරක් PCR පරීක්ෂණ සිදුකළ යුතුයි

දිවයිනේ සෑම ඇඟලුම් කම්හලක්ම සෑම සති දෙකකට වරක් සිය කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ PCR පරීක්ෂණ සිදුකළ යුතු බවට රජය උපදෙස් දී තිබේ.

එම උපදෙස් ලබා දී ඇත්තේ දිවයින පුරා නිමිඇඳුම් කර්මාන්තශාලා හිමියන් සහ පරිපාලන නිලධාරීන් සමග රජයේ බලධාරීන් ඊයේ (13) පැවැත්වූ සාකච්ඡාවකදීය.

මේ අතර පසුගිය 06 වනදා සිට මේ දක්වා කාලය තුළ කොළඹ නගරයේ පී.සී.ආර් පරීක්ෂණ 2884 ක් සිදුකළ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසීය.

ඒ අතරින් 10 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගත් බව ඔහු කියාසිටියේය.

නමුත් එම ආසාදිතයින්ගෙන් 05 දෙනෙකු පමණක් කොළඹ නගරයෙන් වාර්තා වී ඇති බව වෛද්‍ය රුවන් විජේමුණි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here