ඇඳිරිනීතිය කඩ කළ 135ක් අත්අඩංගුවට

ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 11දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ පසුගිය ඉරිදා දින සිට මේ දක්වා කාලය තුළ ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 135 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඒ මහතා සඳහන් කළේය.

මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ඖෂධ සැල් ඇතුළු කිසිදු වෙළෙඳසැලක් විවෘත කිරීම සපුරා තහනම් වන බව මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.

එම ප්‍රදේශවල වෙළෙසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් හෙට (15) දිනයේ තීරණයක් ගන්නා බව ද අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here