20 ගැන ඊයේ මාධ්‍ය සාකච්ඡාව දැනසිටියේ නෑ – රාමඤ්ඤ නිකායේ මහනායක හිමි

රාමඤ්ඤ මහ නිකායේ මහලේඛාධිකාරී හිමියන් සහ අමරපුර මහ නිකායේ මහලේඛකාධිකාරී හිමියන් ඇතුළු මහා සංඝරතනය විසින් ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුව පිළිබඳව තමන් වහන්සේ දැනුවත්ව නොසිටි බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නායක හිමියෝ පවසයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව එම මාධ්‍ය හමුවේ දී දැක්වු කරුණු ගැන තමන් වහන්සේගෙන් විමසීමක් හෝ සිදු නොකළ බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.

මහනායක හිමියෝ වැඩසිටින මැණික්හින්න හූරීකඩුව විද්‍යාසාගර පිරිවෙනේ දී අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here