මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආසාදිතයින් 1500 ඉක්මවයි

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිත තවත් 145 දෙනෙකුට කොවිඩ් 19 වෛරස ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන්ගෙන් 48 දෙනෙකු නිරෝධන මධ්‍යස්ථාන වල සිටි සේවකයින් හෝ ඔවුන්ගේ ආශ්‍රිතයන් බවත් අනෙක් 97 දෙනා ආශ්‍රිතයන් බවත් සඳහන්.

අද උදෑසන නව ආසාදිතයින් 49 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර ඔවුන්ගෙන් 32 ක් නිරෝධායන මධ්‍යස්ථාන වල සිටි කර්මාන්ත ශාලාවේ සේවකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් වෙයි.අනෙක් 17 දෙනා ආශ්‍රිතයින් බවට හඳුුනාගෙන තිබේ.

මේ වන විට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 1591 දෙනෙකු හඳුනාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here